Friday, November 6, 2009

වහින්නට හැකිනම් ගිගුම් දී෴

කියන්න ඕනෙ සේරම මහාචාර්ය සුනිල් ආරියරත්න ලියලා තියෙන්නෙ. ලියපු ඒවා අමතක නොවෙන විදියට ගයලා තියෙන්නේ නන්දා මාලනී. කොච්චර ඇහුවත් එපා නොවෙන්න තනුව දාලා තියෙන්නෙ සුනිල් දයානන්ද කෝනාර. ආයිත් අපිට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ...

වහින්නට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්

රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඩන දෙතොලග සිනහවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙලාගත හැකි වන මලක් වී

නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වෙන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

1 comment:

  1. Nice work guys, I never knew it. Keep it up :thumbup:

    ReplyDelete